පාළු ප්‍රදේශයක දී පුද්ගලයෙකුගේ ශරීරයට ටයර් දමා පුළුස්සා ඝාතනය කෙරේ

බුලත්සිංහල – නාගහදොළ ප්‍රදේශයේ පාළු මාර්ගයක දී පුද්ගලයෙකු පුළුස්සා ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, මෙලෙස ඝාතනයට ලක් ව ඇත්තේ අමරසිංහ බන්දුල නිශාන්ත නමැති මාහිංගල – පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මරණකරුව ඝාතනය කර,ඔහුගේ මියගිය සිරුර මාර්ගයට ආසන්නයේ මුනින් අතට තබා ඒ මතට ටයර් දමා ගිනි තබා ඇති අතර එම මුළු ප්‍රදේශය ම සම්පූර්ණයෙන් ම ගිනිබත් ව තිබෙනවා.

මියගිය තැනැත්තාගේ හිස කොටසේ දරුණු කැපුම් තුවාලයක් ද දක්නට ලැබෙන බවත් කලවා ප්‍රදේශයේ සිට පපු කොටස දක්වා ටයර් දමා පුළුස්සා ඇති බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

මරණකරුට අයත් ත්‍රීවිල් රථය ද මියගිය ස්ථානයට මීටර් 50ක් දුරින් තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

මියගිය පුද්ගලයා අද (28) උදෑසන 10.00ට පමණ නිවසින් පිටවී ඇති බව පරීක්ෂණවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ පරීක්ෂණ අරඹා ඇති අතර මතුගම මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58