පාස්කු සටන් විරාමය මධ්‍යයේ යුක්‍රේන ප්‍රහාර රැසක් එක් රැයකින් රුසියාව නවතා දමයි

අවුරුදු පහකට ආසන්න කාලයක් පවතින යුක්‍රේන – රුසියානු යුද්ධයට සටන් විරාමයක් ලබා දී ඇති අතර, එම සටන් විරාම තබමින් යුක්‍රේනය විසින් රුසියාවට දැවැන්ත ප්‍රහාර මාලාවක් ඊයේ (20) රාත්‍රියේ දී එල්ල කරනු ලැබුවා.

නමුත් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ රුසියානු පාලන ප්‍රදේශ වන සුඛා බල්කා සහ බගතිර් ගම්මාන වෙත මෙලෙස ගුවනින් ප්‍රහාර එල්ල වූ බවත් ඒවා එක් රැයකින් සියල්ලම ව්‍යර්ථ කිරීමට තම හමුදා සමත් වූ බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රකාශයට පත් කරන ලද පාස්කු සටන් විරාමය නොතකා, යුක්රේනය එල්ල කළ ප්‍රහාරවලට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කිරීමට සිදු වූ බව රුසියාව පවසනවා.

මොස්කව් පැවසුවේ යුක්රේනය විසින් රුසියාවේ බ්‍රයන්ස්ක්, කර්ස්ක් සහ බෙල්ගොරොඩ් දේශසීමා ප්‍රදේශවලට ද පහර දුන් බවත්, “එහි ප්‍රතිඵලයක් ලෙස මියගිය සහ තුවාල ලැබූ සිවිල් වැසියන් සිටින” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?