නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාට එරෙහි නඩුව ලබන වසරට කල් යයි
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මොහොමඩ් ඊබ්‍රහිම් නවුෆර් මවුලවි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන ජනවාරි 12 වන දා යළි කැදවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදියි. එහිදී නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් දැඩි ආරක්ෂාව මත බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.










