පාස්කු ප්‍රහාරය ගැන යලි කතා කරන රනිල්

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට අදාළ සිද්ධිය ගැන මේ වනවිට අලුත් කරුණු හෙළිවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව මේ මොහොතේ සියලුදෙනා එක්වී අපක්ෂපාතීව තීරණයක් ගතයුතු බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ අලුත් කරුණු දැන් හෙළිවෙලා තියෙනවා. කොමිසමේ වාර්තාවට අනුව කිහිපදෙනෙකුට විරුද්ධව නඩුදාන්න යෝජනා කළාට ඒ පරීක්ෂණ සම්පූර්ණ කළාට පසුව රජය නඩු දැම්මේ
හිටපු පොලිස්පතිතුමාටත් හිටපු ආරක්ෂක ලේකම්තුමාටත් විරුද්ධව.”

“අධිකරණයේ තීන්දුව අනුව මේ විත්තිකරුවන් දෙදෙනාගේ සාක්ෂි කැඳවන්නෙ නැතුව මේ අයට විරුද්ධව නඩු නැහැ කියලා තීරණය කළා.”

“ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුත් තවත් දෙදෙනෙක් මේ පිළිබඳ අත්අඩංගුවට ගත්තා.”

“ඒත් දැන් ඒ තුන්දෙනාම දැන් නිදහස් කරලා තියෙන්නේ.”

“අන්තිමට ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශය තියෙනවා. ශානි අබේසේකර කියන විදිහට මේ ගැන විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවය සම්බන්ධයක් තිබුණු බව. මේ අවස්ථාවේදී මම හිතන්නේ සියලුදෙනාම එකතුවෙලා මේ ගැන අපක්ෂපාතීව තීරණයක් ගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10