පාස්කු ප්‍රහාරය ගැන යලි කතා කරන රනිල්

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයට අදාළ සිද්ධිය ගැන මේ වනවිට අලුත් කරුණු හෙළිවී ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අනුව මේ මොහොතේ සියලුදෙනා එක්වී අපක්ෂපාතීව තීරණයක් ගතයුතු බව වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ අලුත් කරුණු දැන් හෙළිවෙලා තියෙනවා. කොමිසමේ වාර්තාවට අනුව කිහිපදෙනෙකුට විරුද්ධව නඩුදාන්න යෝජනා කළාට ඒ පරීක්ෂණ සම්පූර්ණ කළාට පසුව රජය නඩු දැම්මේ
හිටපු පොලිස්පතිතුමාටත් හිටපු ආරක්ෂක ලේකම්තුමාටත් විරුද්ධව.”

“අධිකරණයේ තීන්දුව අනුව මේ විත්තිකරුවන් දෙදෙනාගේ සාක්ෂි කැඳවන්නෙ නැතුව මේ අයට විරුද්ධව නඩු නැහැ කියලා තීරණය කළා.”

“ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුත් තවත් දෙදෙනෙක් මේ පිළිබඳ අත්අඩංගුවට ගත්තා.”

“ඒත් දැන් ඒ තුන්දෙනාම දැන් නිදහස් කරලා තියෙන්නේ.”

“අන්තිමට ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශය තියෙනවා. ශානි අබේසේකර කියන විදිහට මේ ගැන විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවය සම්බන්ධයක් තිබුණු බව. මේ අවස්ථාවේදී මම හිතන්නේ සියලුදෙනාම එකතුවෙලා මේ ගැන අපක්ෂපාතීව තීරණයක් ගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?