පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල්ගෙන් විශේෂ ඉල්ලීමක්

2019 වසරේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදිතාවන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

සිය X ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වර්තමාන රජය බලයට පැමිණියේ පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් වූ වින්දිතයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු වෙමින් බවයි.

එහෙත් එම පරික්ෂණවල වර්තමාන ප්‍රගතිය අනුව එම පොරොන්දුව ඉටු කරන්නේද සහ විමර්ශනයේ විශ්වාසනීයත්වය රැකෙන්නේද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්න මතුවන බවද ඔහු පවසනවා.

සාධාරණ, විනිවිදභාවයෙන් යුතු සහ පක්ෂපාතී නොවන විමර්ශනයකට තමා විරුද්ධ නොවන බවත්, එවැනි විශ්වාසනීය පරීක්ෂණයක් සඳහා තමා දැඩිව සහාය දක්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙනවා.

“මෙම කුරිරු ත්‍රස්තවාදී ක්‍රියාව පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනාගෙන නීතිය අනුව දඬුවම් ලබාදිය යුතු බව අප දැඩිව විශ්වාස කරමු,” යැයිද ඔහු වැඩිදුරටත් පවසනවා.

මේ අතර, මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය හි සේවය කළ ගෞරවනීය හමුදා නිලධාරියෙක් බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා දශක තුනකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ගිය සටනේදී වැදගත් භූමිකාවක් ඉටු කළ බවයි.

ඔහුගේ ජාතික ආරක්ෂාවට කළ සේවය ප්‍රශංසනීය බව සඳහන් කළ මන්ත්‍රීවරයා, කෙසේ වෙතත් කාලයත් සමඟම ඔහු පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ කර පසුගිය කාලයේ ව්‍යාජ මතයන් සහ දේශපාලන බලපෑම් සහිත කතා නිර්මාණය වී ඇති බවද පවසනවා.

ඒ අතරතුර,අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි පුද්ගලයන්ට එම මට්ටමේම විමර්ශන සිදු වී නොමැති බවද ඔහු සඳහන් කළා.

තවද, නිල කොමිෂන් වාර්තා තුළ නොසැලකිල්ල පිළිබඳ සඳහන් වූ සමහර පුද්ගලයන් පසුව වර්තමාන රජය සමඟ එකතුවී ඇති අතර, ඔවුන්ට උසස් තනතුරු ලබා දී ඇති බවත්, ඔවුන් අතරේ සුරේෂ් සලේ මහතා පිළිබඳව පමණක් විශේෂයෙන් ඉලක්ක කරමින් විමර්ශන සඳහා යොමු කර ඇති බවත් ඔහු පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
29
+1
1
+1
1
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30
Video thumbnail
ඉවසීම ගැන ඩඩ්ලි සිරිසේන කියලා දුන්න සුපිරි කතාව..උත්සහ කරලා නතර වෙන වාරේ සාර්ථක වෙන්න පුළුවන්
05:47
Video thumbnail
ජය ශ්‍රී මහා බෝධීයට, රුවන්වැලි මහා සෑයට දිවයිනේ සතර දෙසින් විශාල ජන ගඟක් ඇදෙයි
01:24
Video thumbnail
ඩඩ්ලි සිරිමාවෝට සැරටම කිව්ව කතාව..වැරදිම තීරණය තමයි වතු ජනසතු කරලා විනාශ කිරීම
03:04
Video thumbnail
උසස් පෙළ විභාග අපේක්ෂකයින්ගෙන් 176,527ක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබලා..
05:30
Video thumbnail
CPC එකේ තෙල් නැත්තම් වෙන කොහෙවත් තෙල් නෑ..ඉන්ධන මිල සංශෝධනයක් වෙයිද ?
12:03
Video thumbnail
අද මිනිස් ශිෂ්ටාචාරයට සුවිශේෂි දවසක්..අවු:53කට පස්සේ මිනිස්සු චන්ද්‍රයා කරා ගමන් කරනවා
06:46
Video thumbnail
මුහුදේ ඉදලා මේ යාත්‍රාව මාළුන්ට වඩා මත්ද්‍රව්‍ය රැස්කරලා..ධීවරයින්ට නාවික හමුදාපතිගෙන් සැර සත්තමක්..
03:32
Video thumbnail
ඇල්ලූ යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය ගැන නාවික හමුදාපති හෙළිකරයි..වටිනාකම කෝටි 620කට අධිකයි
03:48
Video thumbnail
නාවික හමුදාපති පැමිණ යාත්‍රාව අල්ලා ගැනීමට සහය වූ නිලධාරින්ට ආචාර කළ අයුරු
02:36