පාස්කු කොමිසමේ වාර්තාවෙන් පසු බදියුදීන් කියන කථාව

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ බවට ඇතැම් පාර්ශ්ව චෝදනා කළ ද ජනතාව විසින් තමන් නිර්දෝෂි අයෙකු ලෙස පිළිගෙන ඇති බව පවසයි.

ජාතිවාදී අදහස් සහිත සුළු පිරිසක් විසින් තමා වැරදිකරුවෙකු ලෙස හුවා දැක්වීමට ක්‍රියාකරන බවයි ඔහු පවසන්නේ.

“ජනතාව පිළිගත්තේ නැත්නම් මම වන්නි දිස්ත්‍රික්කයේ පළවෙනියා විදිහට එන්න පුළුවන්ද? ජාතිවාදය අවුස්සලා මේ රට විනාශ කරලා රටේ තියෙන සහජීවනය නැති කරන පොඩි කණ්ඩායමක් ඉන්නවා. සිංහල, මුස්ලිම් සහ දෙමළ ජනතාව තාම ඒ අයව පිළිඅරගෙන නෑ. වොයිස් කට් කාරයෝ කිහිප දෙනෙක් ඉන්නවා මේ රටේ. කාදිනල්තුමා ඉල්ලීමක් කළා ජනතාවගෙන් ඒ වෙලාවේ. නීතිය අතට ගන්න එපා කියලා. ඒ වෙලාවේ කාදිනල්තුමාගේ ඒ ඉල්ලීම අදත් අපි අගය කරනවා.” යනුවෙන් ද බදියුදීන් මහතා පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකළ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මුස්ලිම් ප්‍රජාවගේ ද සහයෝගය ලබාදෙන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09