පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිටු ලක්ෂයක්

මුද්‍රණ වියදම මිලියන 10ක්

2019 අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසාන වාර්තාව ආසන්න වශයෙන් පිටු ලක්ෂයකින් පමණ සමන්විත වනු ඇති බවත් එය මුද්‍රණය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වනු ඇති බවත් වාර්තා වේ.

මේ අතර, කොමිෂන් සභාවේ සාමාජිකයෙක් මෑතකදී සාක්ෂි විමසීමක් අතරතුර කියා සිටියේ වාර්තාවේ සැලකිය යුතු කොටසක් මේ වන විටත් සකස් කර ඇති බවය.

ආරංචි මාර්ග වලට අනුව, එය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යවා ඇත.

එමෙන් ම, සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් පිටු 40,000 කට ආසන්න ප්‍රමාණයක් තිබෙන බවත් වාර්තා වේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි විමසීම් අවසන් බව ජනවාරි 27 දා නිවේදනය කෙරිණි.

කොමිෂන් සභාව හමුවේ අවසන් වරට සාක්ෂි ලබා දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ය.

කොමිෂන් සභාවේ නිල කාලය හෙට (31) අවසන් වීමට නියමිත අතර වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?