පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 5යි

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 5ක් සපිරෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ එය සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් වීථි සංචාරය කෙරුණා.ඒ වෙනුවෙන් සංවිධාන වූ සිහිකිරීමේ වැඩසටහන් මාලාව ආරම්භ වූයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජාවකිනි

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායම් දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළා.

එහිදී පුද්ගලයින් 273 දෙනකුගේ ජීවිත අහිමි වුණා. තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර ඇතැමුන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැති අතර ඇතැමුන් ආබාධිත විය

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් එක් ව සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?