පාසල අවසන් වී ශිෂ්‍යත්ව පන්තියට ගිය දරුවා ඔයට වැටී මියයයි

සුදුවැල්ල ජනපද ඔයට වැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී හමුවී තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම 10 හැවිරිදි සිසුවා පාසල නිම වී එහි පැවති අතිරේක ශිෂ්‍යත්ව පන්තියට ද සහභාගි වී නිවස කරා යමින් සිටියදීයි අනතුරට ලක්වී ඇත්තේ.

මෙම සිසුවා නිවෙස වෙත යමින් සිටියදී අනාරක්ෂිත පාලමකින් ඊයේ සවස ඔයට වැටී ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබුණා.

ගලහ පොලිසිය සහ ප්‍රදේශවාසීන් සොයා බැලුව ද රාත්‍රී කාලයේ සිසුවා සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

අද උදෑසන දරුවා වැටී සිටි කුඩා පාලමේ සිට කිලෝමීටර් තුනක් දුරකින් පිහිටි කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී දරුවාගේ සිරුර සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පාසලේ අතිරේක පන්තියට සහභාගි වූ මෙම සිසුවා යළි නිවසට ගොස් ඇත්තේ තනිවම බව පොලිසිය ප්‍රකාශ කළා.

අධික වර්ෂාව සමඟ මෙම කුඩා ඔයේ මෙන්ම අවට මාර්ගවල ජලය වැඩි වී තිබී ඇති අතර දරුවා මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි බව ප්‍රදේශවාසියෙකු ද දැක තිබෙනවා.

දරුවා නිවසට ඒම ප්‍රමාද වීම හේතුවෙන් කළ සොයා බැලීමේදීයි ඔහු දරුවා ඔයට වැටී ගසාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත්තේ.

සුදුවැල්ල ග්‍රාම සේවා වසමේ ඇති මෙම ඔය හරහා ඇත්තේ විදුලි කණු හතරක් යොදා ගම්වාසීන් සකසා ගත් කුඩා පාලමක්.

දෙපස ඇඳි රහිත ඒදණ්ඩක් බඳු මෙම පාලම මතින් කුඩා දරුවන් ඇතුළු ගම්වාසීන් එගොඩට මෙගොඩ යන්නේ ඉතා අවදානම් ගමනක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ගෙන යන ලෙස නියෝග කෙරුණා.

ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
35
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?