පාසල අවසන් වී ශිෂ්‍යත්ව පන්තියට ගිය දරුවා ඔයට වැටී මියයයි

සුදුවැල්ල ජනපද ඔයට වැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුර කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී හමුවී තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත මෙම 10 හැවිරිදි සිසුවා පාසල නිම වී එහි පැවති අතිරේක ශිෂ්‍යත්ව පන්තියට ද සහභාගි වී නිවස කරා යමින් සිටියදීයි අනතුරට ලක්වී ඇත්තේ.

මෙම සිසුවා නිවෙස වෙත යමින් සිටියදී අනාරක්ෂිත පාලමකින් ඊයේ සවස ඔයට වැටී ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබුණා.

ගලහ පොලිසිය සහ ප්‍රදේශවාසීන් සොයා බැලුව ද රාත්‍රී කාලයේ සිසුවා සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

අද උදෑසන දරුවා වැටී සිටි කුඩා පාලමේ සිට කිලෝමීටර් තුනක් දුරකින් පිහිටි කුඹුරුවත්ත හෙල්ලෙන පාලම අසල රැඳී තිබියදී දරුවාගේ සිරුර සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පාසලේ අතිරේක පන්තියට සහභාගි වූ මෙම සිසුවා යළි නිවසට ගොස් ඇත්තේ තනිවම බව පොලිසිය ප්‍රකාශ කළා.

අධික වර්ෂාව සමඟ මෙම කුඩා ඔයේ මෙන්ම අවට මාර්ගවල ජලය වැඩි වී තිබී ඇති අතර දරුවා මෙම මාර්ගයේ ගමන් කරමින් සිටි බව ප්‍රදේශවාසියෙකු ද දැක තිබෙනවා.

දරුවා නිවසට ඒම ප්‍රමාද වීම හේතුවෙන් කළ සොයා බැලීමේදීයි ඔහු දරුවා ඔයට වැටී ගසාගෙන ගොස් ඇති බවට තහවුරු වී ඇත්තේ.

සුදුවැල්ල ග්‍රාම සේවා වසමේ ඇති මෙම ඔය හරහා ඇත්තේ විදුලි කණු හතරක් යොදා ගම්වාසීන් සකසා ගත් කුඩා පාලමක්.

දෙපස ඇඳි රහිත ඒදණ්ඩක් බඳු මෙම පාලම මතින් කුඩා දරුවන් ඇතුළු ගම්වාසීන් එගොඩට මෙගොඩ යන්නේ ඉතා අවදානම් ගමනක් බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ගෙන යන ලෙස නියෝග කෙරුණා.

ගලහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
35
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16