පාසලේ පන්ති කාමරය පින්තාරු කළ යුතුද?

පාසලේ දරුවන්ගේ විවිධ කටයුතු සඳහා පාසලෙන් මුදල් එකතු කිරීම සාමන්‍ය කටයුත්තක් වී තිබුනත් බොහෝ දෙමව්පියන් දුක් මහන්සියෙන් මුදල් උපයන බව කාටත් නොරහසකි.

එසේ උපයන මුදල් දරුවන්ගේ අධ්‍යාපනය සදහා වියදම් කිරීම සෑම දෙමව්පියෙකුගේම වගකීමක් හා යුතුකමක් වෙනවා.

දරුවෙකුගේ පාසලේ කටයුත්තක් සඳහා එකතුවන මුදල් නියමාකාරයෙන් වියදම් වෙනවාද ?
අත්‍යාවශ්‍යම දෙයකටද ඒ මුදල් එකතු කරන්නේ යන්න බොහෝ දෙමව්පියන්ට තිබෙන්නේ ප්‍රශ්නයක් .

සමාජ මධ්‍යයේ ඒ වෙනුවෙන් පියෙකු තැබූ සටහනක් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඒ පිළිබදව දෙවරකට වැඩි වාර ගණනක් සිතිය යුතු නිසාවෙනි.

පන්ති කාමර පින්තාරු කළ යුතු ද ?
= = = = = = = = = = = = = =
මම අද ගියා පුතාගේ ඉස්කෝලේ දෙමාපිය රැස්වීමට. පාසල ගාල්ලේ මහින්දේ. විදුහල්පති එන්න කියලා තිබුණේ උදේ 8.00 දෙමාපිය රැස්වීමක් තියෙනවා කියලා විතරයි කියලා තිබුණේ.

නමුත් විදුහල්පතිගේ කෙටි දේශනයෙන් පස්සේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව දේශනයක් කළා. දේශනයනම් වැදගත් වෙන්න ඇති ඇතැම් අයට. නමුත් මෙවැනි දේශනයක් තියෙන බව කලින් දැනුම්වත් නොකර දෙමාපියන් හෝල් එකට දාලා දේශකයකුට ඒ දෙමාපියන් බාර දීම වැරදියි. පස්සේ පන්තියට ගියා.

පන්තියේ පිරිසිදු කිරීම්වලට සල්ලි එකතු කරන්න ඕන බව කිව්වා ගිය අවුරුද්දේ රුපියල් 2,000.00ක් එකතු කළත් පන්තියේ දෙමාපියන්ගෙන් භාගයක් සල්ලි දුන්නෙ නැතිලු ඒ නිසා දීපු අයගෙන් අඩු ගාණක් සහ නොදීපු අයගෙන් වැඩි ගාණක් එකතු කරනවා කියල කිව්වා. පන්තියේ වැඩ තියෙනවාලු. මාතර බිල්ඩිමේ උඩ තට්ටුවේ මැද පන්තියක ඉන්නේ. පන්තියේ අනන්‍යතාව තියාගන්න ඕන නිසා පන්තියට දොරක් දාන්න පුළුවන් විදියට වහන්න ඕන කියලත් අදහසක් පාසලෙන් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා ගුරුතුමිය කිව්වා.

මම ඇහුවා දැන් පන්තියේ සල්ලි එකතුකරන්නේ මොනවා කරන්න ද කියලා ? දරුවන්ට ඒ නමයක් ගන්න ඩෙස් පුටු ලස්සනට තියෙන්න ඕනලු. දක්ෂම ළමයිි ඉන්නේ මේ පන්තියෙලු. බිත්ති පේන්ට් කරන්නයි. කළු ලෑල්ල පේන්ට් කරන්නයි. දැන්වීම් පුවරුවක් හරයිකරන්නයි. වයිට් බෝර්ඩ් එකක් ගන්නයි තමයි සල්ලි එකතු කරන්නේ.

මම එකින් එක ප්‍රශ්න කළා.

මේ පන්ති රුපියල් මිලියන ගණනක් වියදම් කරලා අලුත්වැඩියා කරලා ළමයින්ගේ පරිහරණයට බාර දුන්නේ ගිය අවුරුද්දේ මැද ව‍ගේ. බිත්තිවල එක ඉරක්වත් නෑ කළු ලෑල්ලේ ලියන්න බෑ ඒ නිසා ඒකේ තීන්ත නැවත ගාන්න ඕනලු. නමුත් මම ලියලා බැලුවා හොඳට ලියවෙනවා. කළු ලෑල්ලේ එකම පලුද්දක්වත් පේන්න නම් තිබුණෙත් නෑ.

දැන්විම් පුවරුවක් පන්තියෙන් පන්තියට ඕන නෑ කියන එකයි මගේ අදහස. වයිට් බෝඩ් එකක් අත්‍යාවශ්‍ය ම නම් ඒක වෙන ම දෙයක්. අපි ඉගෙන ගන්න කාලේ නම් එහෙම දේවල් අහලවත් තිබුණේ නෑ. මාතර බිල්ඩින් එක දශක ගානක් ඔය පාසලේ තිබුණා උඩ තට්ටුවේ පන්තිකාමර වෙන වෙනම ලොක්කරන්න වැටවල් ගැහුවේ නෑ මහින්දී‍යයෙක් හැටියට ඒකට විරෝධතාව මම ප්‍රකාශ කරනවා තවත් දුර වැඩේ ඇදිල ගියානම්.

මිස් කියනවා මට කරන්න දෙයක් නැතිලු. එතුමියට ඉහළින් ආපු නියෝගයලු. මම කිව්වා නියෝගය දීපු කෙනා මට මුණගස්වන්න අපි කතා කරන්නම් කියලා.ඒ පාර අහනවා දරුවන්ගේ වැඩවලට ඇයි දෙමාපියන් විරුද්ධ වෙන්නේ කියලා.
මම කිව්වා ‍විරුද්ධ වෙන්නේ විරුද්ධ විය යුතු නිසා කියලා.

අනිත් කවරුවත් විරුද්ධ නෑ කියලා කිව්වා
නමුත් මගේ මතයට කවුරුවත් විරුද්ධ වුණේ නෑ.මම දන්න දෙයක් තියෙනවා. හැම අම්ම කෙනෙක් ම මේ සල්ලි එකතුකරන වැඩේට විරුද්ධයි. නමුත් තමන්ගේ දරුවන් නිසා ඉවසගෙන ඉන්නවා. ගිය අවුරුද්දේ පන්තියෙන් භාගයක් ම සල්ලි නොදුන්නේ දෙන්න බැරි නිසා ඒක මේ විදුහල්පතිලට තේරුම් ගන්න බෑ.

ඊට පස්සේ අංශ ප්‍රධානී ආවා..
අංශ ප්‍රධානී කියන්නෙත් ඒ නමයක් ගන්න ළමයි ලස්සන පරිසරයක ඉන්න ඕන කියලා.
ඩෙස් පුටු පින්තාරු කළාම ළමයකුට ඒ නමයක් ගන්න පුළුවන් කියල හිතන ගුරුවරු ඉන්න පාසලකට මගේ දරුවා යවන්න වීම ගැන මම කණගාටු වෙනවා
අපි ඉස්කෝලේ යන කාලේ එහෙම කතා අපි ඇහුවේ නෑ.

ඔය වගේ සිතන සමාජයක් තිබුණනම් පාරේ දර පලන්නෙකුගේ පුතෙක් පාරේ ගෑස් ලාම්පු එළියෙන් පාඩම් කරලා ඇමෙරිකාවේ ජනාධිපති (ඒබ්‍රහම් ලින්කන්) වෙන්න බැරි වෙනවා.
අංශ ප්‍රධානී ඇවිත් කතා කළේ දෙමාපියන්, දරුවන් එකතු වෙලා දාන දෙන හැටි, හාමුදුරුවෝ පිරිකර පූජ කරපු හැටි.
අධ්‍යාපන සංවර්ධනය ගැන වචනයක්වත් කතා කළේ නෑ.

පන්තියේ දී ළමයින්ගේ අධ්‍යාපනය ගැන කතා කළේ පන්ති භාර ගුරුතුමිය සහ විද්‍යාව උගන්වන අමිල ගුරුතුමා විතරයි.
ඔන්න ඕකයි දැන් මහින්දයේ තත්වය.

ඒ අයට ඕන වුණේ කොහොම හරි දෙමාපියන්ගේ කැමැත්තෙන් සල්ලි එකතු කරන්න.
අපේ දරුවාගේ පන්තියේ කවුරුවත් ඒකට ඉදිරිපත් වුණේ නෑ
මගේ මතය ජයග්‍රහණය කළා.
ඔබත් පොරොන්දු වුණා ද ?
පන්ති කාමර පින්තාරු කරන්න
ගුරුවරු, විදුහල්පතිලා කියන දේ දේවවාක්‍යවගේ විශ්වාස නොකර බුද්ධිමත්ව සිතන්න මේක මහින්දයේ විතරක් නෙවෙයි
හැම ඉස්කෝලෙකම තත්වය හැම දෙමාපියෙක් ම මුහුණ දෙන ඛේදවාචකයක්

මම එළියට එනකොට දේශනය පැවැත්වූ වෛද්‍යවරයාගේ කණ්ඩායමක් අපේ පස්සෙන් ඇවිත් වකුගඩු සම්බන්ධ පොත් සහ පත්තර විකුණනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39