පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් පහර දුන් සැරයන් නෝනා අත්අඩංගුවට

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවෙක් පැහැරගෙන ගොස් තර්ජනයකර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරියක් ඊයේ (01) දින අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඹුරුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරියක් බවයි වාර්තා වන්නේ.

සැකකාර පොලිස් සැරයන්වරියට අයත් මෝටර් රථයක අදාළ පාසල් සිසුවා නංවාගෙන ගොස් තම දියණිය සමඟ ඇති ප්‍රේම සම්බන්ධය නතරකරන ලෙස තර්ජනය කරමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසියට පැමිණිලක් ලැබී ඇත්තේ.

මෙම පහරදීමට සැකකාර පොලිස් සැරයන්වරිය, ඇයගේ පුත්‍රයෙකු සහ තවත් පිරිසක් පැමිණ ඇති බවට මීට පෙර තොරතුරු වාර්තා වුණේ.

පහරකෑමට ලක්වූ බව කියන 15 හැවිරිදි පාසල් සිසුවා ඉකුත් ජුනි 20වන දින කඹුරුපිටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත්ව තිබුණා.

පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකාර පොලිස් සැරයන්වරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

සිද්ධියට මුහුණ පෑ පාසල් සිසුවාගේ මව්පියන් විසින් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකාර පොලිස් සැරයන්වරිය මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත්කර ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
68
+1
10
+1
6
+1
8
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26