පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කරලා – සැකකරුවන් සොයා විමර්ශන

17 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ බවට පැවසෙන සිදුවීමකට සම්බන්ධ තරුණයින් පස්දෙනෙකු සොයා පොලිස් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හංවැල්ල පොලිසිය සඳහන් කළේ මෙම සිදුවීම හංවැල්ල – ඇඹුල්ගම ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව පොසොන් පොහොය දිනයේ දී තම පෙම්වතා හමු වීමට ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දීයි මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ.

යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාළ දැරියට යතුරුපැදියට ගොඩවෙන ලෙස තර්ජනය කර එලෙස නොපැමිණියහොත් ඝාතනය කරන බවව පවසා තිබෙනවා.

ඉන් බියට පත් වූ එම සිසුවිය යතුරුපැදියට නැග ඇති බවත්; එම තරුණයින් විසින් ඇයව ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුළට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බවත් එම දැරිය විසින් සිදු කරන ලද පැමිණිල්ලෙහි සඳහන් වන බවයි පොලිසිය පැවසුවේ.

මෙම ලිංගික හිංසනයට ලක් වූ දැරිය කොස්ගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

පොසොන් පොහෝ දින උදෑසන ඇයගේ පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් පසුව පොත් කඩයකට යන බවට පුංචි අම්මාට පවසා සිය පෙමිවතා හමු වීමට ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් සහ හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
0
+1
3
+1
14
+1
4
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?