AFC Banner
Empty Ad
Empty Ad

පාසල් සපත්තු සහ බෑග් මිල පහළට

පාසල් සපත්තු සහ බෑග් මිල 10% කින් පහත දැමීමට සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් තීරණය කර තිබෙනවා.

පාසල් සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමඟ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවත්වන ලද දීර්ඝ සාකච්ඡා වට කීපයකින් අනතුරුවයි මෙම තීරණවලට එළඹ ඇත්තේ.

අද (27) මුදල් අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ පාසල් සපත්තු සහ බෑග් කර්මාන්තකරුවන් ප්‍රකාශ කළේ දැනට වෙළෙඳපොලේ පවතින තොග ද, නව මිල සංශෝධනය යටතේ අලෙවි කරන බවයි.

ඒ අනුව, එම වාසිය සුවහසක් පාසල් දරුදැරියන් වෙනුවෙන් ලබාදීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා කර්මාන්තකරුවන්ට ස්තූතිය පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
13
+1
1
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?