spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ශිෂ්‍යාවක් හාලි ඇලදී ඝාතනය කෙරේ

හාලි ඇල ප්‍රදේශයේ පොරවකින් පහරදී පාසල් සිසුවියක් ඝාතනය කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 18ක හාලි ඇල උඩුවරවත්ත ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.

පොලිසිය පවසන්නේ අද දහවල් පාසල නිම වී නිවසට පැමිණෙමින් සිටියදී ඇය මෙම අමානුෂික ප්‍රහාරයට ලක්ව ඇති බවය.

කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකපළකරයි.

අදාළ පහරදීම සිදුකර ඇති බවට පැවසෙන 33 හැවිරිදි වියේ පසුවන සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.

හාලි ඇල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?