රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල්වල 2026 වර්ෂයේ දෙවන පාසල් වාරය අප්‍රේල් මස 20 වන සඳුදා දින ආරම්භවන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
එම පාසල්වල පළමු පාසල් වාරය අද (10) අවසන් වන අතර, ඒ අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව අද සිට ආරම්භ වනවා.
මේ අතර මුස්ලිම් පාසල්වල අද (10) දිනයේ අවසන් වන්නේ පළමු පාසල් වාරයේ තෙවන අදියරයි.
ඒ, අනුව මුස්ලිම් පාසල්වල සිව්වන අදියර අප්‍රේල් 20 දින ආරම්භවන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
6
+1
21
+1
2
+1
12
+1
2
+1
7













