පාසල් නැවත විවෘත කරන දිනය…?

සැප්තැම්බර් අවසාන සතියේ හෝ ඔක්තෝබර් මුල් සතියේ පාසල් නැවත විවෘත කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ පාර්ශවයන්ට උපදෙස් ලබා දී ඇති බව දැනගන්නට ඇත.

මේ දිනවල පවතින කොරෝනා තත්ත්වය හේතුවෙන් දැඩි සෞඛ්‍ය සීමා සහිතව පාසල් නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සලකා බලයි. කෙසේ වෙතත්, අධ්‍යාපන කටයුතු සඳහා පාසලට සමහර පන්තිවලට පමණක් ආරාධනා කිරීම හෝ භ්‍රමණය වෙමින් අදියර වශයෙන් පන්ති සඳහා අධ්‍යාපන කටයුතු කරගෙන යාම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය සක්‍රීයව සොයා බලමින් සිටී.

මීට අමතරව, පාසල් දරුවන්ට එන්නත ලබා දීමෙන් පසු පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලැබී තිබේ.

එමෙන්ම, වයස අවුරුදු 12 ත් 18 ත් අතර පාසල් දරුවන්ට covid එන්නත ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාෂ කලේ.

එමෙන්ම, මෙරට ජනතාවට කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාවක් නැතිනම් “බූස්ටර්” එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවදානය යොමුව ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් වු සාකච්ඡාවක් කොවිඩ් කාර්ය සාධක බළකායේ දී පැවැත් වු බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

 වැඩසටහනක් සමඟ එක්වෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ, බුස්ටර් එන්නක් ලබාදීම මේ වන විටත් ඇතැම් විදෙස් රටවල සිදුකෙරෙමින් පවතින බවය. “ජනාධිපතිවරයා පැහැදිලිව උපදෙස් දුන්නා එවැනි අවශ්‍යතාවයක් අනෙක් රටවල්වලත් කරනවා නම් අපේ රටෙත් මේක කරන්න වෙනවා කියලා. ඒ අවශ්‍ය ප්‍රමාණය අනුව ලබාගැනීමට වාහම ඉල්ලුමක් කරන්න කියලා. ප්‍රථම හා දෙවන මාත්‍රා ලබාගැනීමටත් අනෙකුත් රටවල්වලට පෙර ශ්‍රී ලංකාව ගත් නිසා තමයි අද වන විට මේ තත්ත්වයක් ඇති කර ගැනීමට හැකිව තිබෙන්නේ යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
142
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08