කොම්පඤ්ඤවීදිය,කොතලාවල ආරක්ෂක විද්‍යාලය ඉදිරිපිට සිදුකළ වැටලීමක දී කේරළ ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් නිරත පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.
ඊයේ (10) පස්වරුවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, මෙම සැකකරු පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු 63 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




