පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න පොලිසියෙන් ගුරුවරුන්ට වැඩමුළුවක්

බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන්ට දින තුනක පුහුණු වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා දරුවන් දැනුවත් කිරීමට මූලික වී ක්‍රියා කිරීම පිළිබඳ දැනුවත් කිරීම මෙහි අරමුණයි.

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වයි මෙම පුහුණු වැඩමුළුව පවත්වා ඇත්තේ.

පුහුණු වැඩමුළුවෙන් පසුව සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ මත්ද්‍රව්‍යවලට යොමු වීම වැළැක්වීමට ගුරුවරුන් ලෙස විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවයි. දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම ගුරුවරුන්ගේ ගුරුවරුන්ගේ වගකීමක් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් තුළ මත්ද්‍රව්‍ය සොයා බැලීම් පිළිබඳ මාධ්‍ය යම් කරුණු කියා තිබුණත් පාසල් දරුවන්ගේ මානසික තත්ත්වය පොලිසිය විසින් නැති කර නොමැති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී කියා සඳහන් කළා.

පාසල් අවට ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදන ලබන ජනවාරි මස පළමුවනදා සිට තදින් පාලනය කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේ.

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය තර්ජනය ඇති බවට හඳුනාගත් පාසල් 200ක ගුරු භවතුන් 200 ක් සඳහා සමාජය තුල සුලභව පවතින මත්ද්‍රව්‍ය හදුනාගැනිම, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු හඳුනා ගැනීම සහ පාසල් පද්ධතිය තුල මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම යන කරුණු පිළිබඳව මෙහිදී දැනුවත් කර තිබෙනවා.

දින 03 ක පුහුණු සැසියක් අවසානයේ අද එහි සහතික ප්‍රධානය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදු කෙරුණා.

2023 නව වසර තුල මෙලෙස පුහුණුව ලැබු ගුරු භවතුන්ගේ මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු තුලින් පාසල් මුලික කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?