පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණය කරන්න පොලිසියෙන් ගුරුවරුන්ට වැඩමුළුවක්

බස්නාහිර පළාතේ පාසල් කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන්ට දින තුනක පුහුණු වැඩමුළුවක් පවත්වා තිබෙනවා.

පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම සඳහා දරුවන් දැනුවත් කිරීමට මූලික වී ක්‍රියා කිරීම පිළිබඳ දැනුවත් කිරීම මෙහි අරමුණයි.

බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශය, අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය එක්වයි මෙම පුහුණු වැඩමුළුව පවත්වා ඇත්තේ.

පුහුණු වැඩමුළුවෙන් පසුව සහතිකපත් පිරිනැමීමේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරින් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේ මත්ද්‍රව්‍යවලට යොමු වීම වැළැක්වීමට ගුරුවරුන් ලෙස විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බවයි. දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම ගුරුවරුන්ගේ ගුරුවරුන්ගේ වගකීමක් බව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් තුළ මත්ද්‍රව්‍ය සොයා බැලීම් පිළිබඳ මාධ්‍ය යම් කරුණු කියා තිබුණත් පාසල් දරුවන්ගේ මානසික තත්ත්වය පොලිසිය විසින් නැති කර නොමැති බව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙහිදී කියා සඳහන් කළා.

පාසල් අවට ඇති මත්ද්‍රව්‍ය නිෂ්පාදන ලබන ජනවාරි මස පළමුවනදා සිට තදින් පාලනය කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී අවධාරණය කළේ.

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය තර්ජනය ඇති බවට හඳුනාගත් පාසල් 200ක ගුරු භවතුන් 200 ක් සඳහා සමාජය තුල සුලභව පවතින මත්ද්‍රව්‍ය හදුනාගැනිම, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නෙකු හඳුනා ගැනීම සහ පාසල් පද්ධතිය තුල මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම යන කරුණු පිළිබඳව මෙහිදී දැනුවත් කර තිබෙනවා.

දින 03 ක පුහුණු සැසියක් අවසානයේ අද එහි සහතික ප්‍රධානය කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලීය ශ්‍රවණාගාරයේදි සිදු කෙරුණා.

2023 නව වසර තුල මෙලෙස පුහුණුව ලැබු ගුරු භවතුන්ගේ මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු තුලින් පාසල් මුලික කරගත් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13