පාසල් ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ඉඟියක්

පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර ලබන අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව අද දිනය තුළ කොළඹ කලාපය ට අයත් සියලුම ගුරුවරු එන්නත් කර අවසන් කරන බවත් හෙට (13) දිනයේ දී මෙම වැඩසටහන සම්පූර්ණ කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

රට පුරා ගුරුවරු 242,000ක් සිටින බවත් දැනටමත් ගුරුවරු වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදී අවසන් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

“මාර්ගගත අධ්‍යාපනය කළ යුතු දෙයක් මෙවන් තත්ත්වයක් තුළ. හැබැයි මම මොහොතකටවත් විශ්වාස කරන්නේ නෑ පන්ති කාමරයේ ඉගැන්වීමට හැම අතින්ම සතුටුදායක විකල්පයක් කියලා දුරස්තථ හෝ මාර්ගගත අධ්‍යාපනය. එහි යම් යම් දෝෂ තියෙනවා. ඒ නිසා පාසල් මේ විදියට දිගින් දිගටම වහලා තියන්න බෑ. මුළු රටම විවෘත කිරීමේ කොටසක් විදියට අපි පාසල් විවෘත කරනවා. පියවරෙන් පියවර සෞඛ්‍ය උපදෙස්වලට යටත්ව. එන මාසයේ අගෝස්තු මාසයේ දී මෙහි ප්‍රථම පියවර ගැනීමට බලාපොරොත්තු වෙනවා.“

මේ අතර වැටුප් විෂමතා, වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනට යොමු කිරීම ඇතුළු කරුණු මුල් කරගනිමින් ගුරු – විදුහල්පති සංගම් කිහිපයක් මාර්ගගත ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී තිබේ.

ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව වාර්තා වේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු නීතිවිරෝධී උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රධාන හේතුවක් වී තිබේ.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඇතැම් ගුරුවරු පමණක් අද දිනයේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන ඇති බවය.

කෙසේනමුත් මාර්ගගත අධ්‍යාපන කටයුතු ඉදිරියටත් සිදුකළ යුතු බවත් එය සාදාකාලික විසඳුමක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08