AFC Banner
Empty Ad
Empty Ad

පාසල් අරින්න පෙර වැටුප් ගැටලුවට විසදුම් ඕනේ – ජෝසෆ් ස්ටාලින්

පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව ලංකා ගුරු, සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. 

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රත්‍යක්‍ෂ වෙමින් පවතින නිසා පාසල් ආරම්භ කිරීමට ප්‍රථම ආණ්ඩුව සිය ස්ථාවරය හෙළි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. 

ඉකුත් අගෝස්තු 4 වන දා ගුරු-විදුහල්පති විරෝධතා රථ පෙළපාළියට එක් වූ පිරිස් පැමිණි රථවාහනවල හිමිකරුවන්ගේ තොරතුරු එක්කොට ගෙන මේ වන විට එම වාහන හිමිකරුවන්ට කොටුව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි ජෝසෆ් ස්ටාලින් ‘ඉරිදා මව්බිම’ වෙත අදහස් දක්වමින් පැවසීය.

කඩාකප්පල්කාරී උද්ඝෝෂණකරුවන්ට තද විධියට ක්‍රියාමාර්ග ගත යුතු බව පොලිසිය භාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අනුව මින් ඉදිරියට පොලිසිය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න දැන ගැනීමට වෘත්තීය සමිති නායකයන් ලෙස අයිතියක් ඇති නිසා පොලිසිය භාර ඇමතිවරයා මේ ප්‍රකාශ කළේ රජයේ ස්ථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බව ද ජෝසෆ් ස්ටාලින් පවසයි. 

විවිධ ආකාරයෙන් තර්ජන සිදු කරමින් අරගලය නතර කළ නොහැකි නිසා ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කොට පාසල් යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?