පාසල් අරින්න පෙර වැටුප් ගැටලුවට විසදුම් ඕනේ – ජෝසෆ් ස්ටාලින්

පාසල් ආරම්භ කිරීමට පෙර ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව ලංකා ගුරු, සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි. 

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව විසඳනවා වෙනුවට මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බවට ප්‍රත්‍යක්‍ෂ වෙමින් පවතින නිසා පාසල් ආරම්භ කිරීමට ප්‍රථම ආණ්ඩුව සිය ස්ථාවරය හෙළි කළ යුතු බව ද හෙතෙම අවධාරණය කරයි. 

ඉකුත් අගෝස්තු 4 වන දා ගුරු-විදුහල්පති විරෝධතා රථ පෙළපාළියට එක් වූ පිරිස් පැමිණි රථවාහනවල හිමිකරුවන්ගේ තොරතුරු එක්කොට ගෙන මේ වන විට එම වාහන හිමිකරුවන්ට කොටුව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි ජෝසෆ් ස්ටාලින් ‘ඉරිදා මව්බිම’ වෙත අදහස් දක්වමින් පැවසීය.

කඩාකප්පල්කාරී උද්ඝෝෂණකරුවන්ට තද විධියට ක්‍රියාමාර්ග ගත යුතු බව පොලිසිය භාර අමාත්‍යවරයා කළ ප්‍රකාශයට අනුව මින් ඉදිරියට පොලිසිය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න දැන ගැනීමට වෘත්තීය සමිති නායකයන් ලෙස අයිතියක් ඇති නිසා පොලිසිය භාර ඇමතිවරයා මේ ප්‍රකාශ කළේ රජයේ ස්ථාවරය ද යන්න පැහැදිලි කළ යුතු බව ද ජෝසෆ් ස්ටාලින් පවසයි. 

විවිධ ආකාරයෙන් තර්ජන සිදු කරමින් අරගලය නතර කළ නොහැකි නිසා ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ප්‍රකාශ කොට පාසල් යළි විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

  1. මේ වගේ අසමත්ජාති පාහර හැත්ත වහාම සේවයෙන් ඉවත් කරලා උපදිදාරි අයව බඳවාගන්න . 1980 ගණන් වල ජේ . ආර් ජයවර්දන මෙතිතුමා කලදේම මුන්ට කරන්න . මුන්ට බයවෙලා පාසැල් පවත්වගන යන්න බැ . මේ වල හැත්ත එලවා දමන්න . වැදගත් ගුරුවරුන්ගේ නම විනාශ කරණ වල් බල්ලෝ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14