පාසලක් අසල මදනමෝදක අලෙවි කරලා

ඉමදූව අන්දුගොඩ පාසල ආසන්නයේ නීතිවිරෝධි ලෙස ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා.

මදනමෝදක අලෙවි කළ පුද්ලයා හා ඒවා මිලදී ගැනීමට පැමිණි තරුණයින් තුන්දෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් උපාය දූතයින් යොදවා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළා.

වෙළෙදසැල් හිමිකරු වයස අවුරුදු 37 ක පුද්ගලයෙකු වන අතර ඒවා මිලදී ගැනීමට පැමිණි අය අවුරුදු දහඅට,  දහනවය යන වයස් කාණ්ඩවල පසුවන බවයි පොලීසිය පවසන්නේ.