පාර හරහා පැන්න සුනඛයෙකු නිසා පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි

ගමන් කරමින් තිබූ යතුරුපැදිය මාර්ගයේ ගිය සුනඛයෙකුගේ ශරීරයේ ගැටීමෙන් පාලනය කරගත නොහැකි ව ගොස් ඉදිරියෙන් එමින් තිබූ ලොරි රථයක ගැටීමෙන් සිදු වූ හදිසි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

මෙම අනතුර ඊයේ (03) පස්වරුවේ සිදු ව ඇත්තේ ආණමඩුව – පුත්තලම මාර්ගයේ තෝනිගල ප්‍රදේශයේ දියි.

ලොරි රථයේ ද ගැටුණු යතුරුපැදිය පදවාගෙන ආ පැදිකරු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ව තුවාල ලැබූ විගස රෝහල්ගත කළ ද ජීවිතක්ෂයට පත් වුණා.

අනතුරින් මිය ගොස් ඇත්තේ මහකුඹුක්කඩවල – දංගස්වැව පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ හීන් බණ්ඩා නමැති 69 හැවිරිදි අයෙක්.

මිය ගොස් ඇති අය ආණමඩුව සති පොළට පැමිණ නිවසට අවශ්‍ය දෑ මිල දී ගෙන ආපසු නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවුණා.

ආණමඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?