පාරින්ද රණසිංහව නීතිපති කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අවසරය

පාරින්ද රණසිංහ නීතිපතිවරයා ලෙස පත් කිරීම සඳහා අවසර හිමි ව තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම අවසරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙන් හිමි වූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

මීට පෙර කටයුතු කළ නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය අවසන් වීමත්; ජනාධිපතිවරයා විසින් එය දීර්ඝ නොකිරීමත් හේතුවෙන් නීතිපතිවරයා විශ්‍රාම ගැන්වීම සිදු කෙරුණා.

ඒ හේතුවෙන් මේ වනතෙක් නීතිපති ධුරය පුරප්පාඩුව පවතිනවා.

නීතිපති ධුරයේ පුරප්පාඩුව තාවකාලික ව අවසන් කිරීමට ජුලි 01 වැනිදා වැඩබලන නීතිපතිවරයා වශයෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ දිවුරුම් දුන්නා.

ඒ අගවිනිසුරුවරයා ඉදිරියේ දී යි.

මෙම පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබුවා.

පාරින්ද රණසිංහ මහතා ව නීතිපති ධුරයට පත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කෙරුණු අතර ඊට මෙලෙස අද දිනයේ දී අනුමැතිය හිමිවුණා.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ.ඒ.පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකු ද වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08