පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනපති විශේෂ හමුවක්

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර  අංක 01 දී රැස්විය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිතුමා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගනු ලැබිණ.

රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?