AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තු මැතිවරණ පනත් කෙටුම්පත සලකා බැලීමට තවත් සාමාජිකයන්

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම වෙනුවෙන් පත් කර ඇති කාරක සභාවට කතානායකවරයා විසින් තවත් සාමාජිකයන් පත් කර තිබෙනවා.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතිරේක සාමාජිකයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවයි.

ඒ අනුව ප්‍රසන්න රණතුංග, පවිත්‍රාදේවී වන්නිආරච්චි, කංචන විජේසේකර, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, නීතිඥ නාමල් රාජපක්ෂ, මයන්ත දිසානායක, රෝහිණි කුමාරි විජේරත්න කාරක සභාවට නම් කර තිබෙනවා.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීමට ද අතිරේක සාමාජිකයන් පත් කර තිබෙනවා.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීමට 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවයි කථානායකවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත, ජානක වක්කුඹුර, ඉම්තියාස් බාකීර් මාකාර්, රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප් විතාන සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් ඒ සඳහා පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?