පාර්ලිමේන්තු මැතිවරණ පනත් කෙටුම්පත සලකා බැලීමට තවත් සාමාජිකයන්

“පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීම වෙනුවෙන් පත් කර ඇති කාරක සභාවට කතානායකවරයා විසින් තවත් සාමාජිකයන් පත් කර තිබෙනවා.

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතිරේක සාමාජිකයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවයි.

ඒ අනුව ප්‍රසන්න රණතුංග, පවිත්‍රාදේවී වන්නිආරච්චි, කංචන විජේසේකර, අනුරාධ ජයරත්න, නීතිඥ චන්දිම වීරක්කොඩි, නීතිඥ නාමල් රාජපක්ෂ, මයන්ත දිසානායක, රෝහිණි කුමාරි විජේරත්න කාරක සභාවට නම් කර තිබෙනවා.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” පනත් කෙටුම්පත සලකා බැලීමට ද අතිරේක සාමාජිකයන් පත් කර තිබෙනවා.

“පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීමට 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිරේක සාමාජික මන්ත්‍රීවරයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බවයි කථානායකවරයා ප්‍රකාශ කළේ.

ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත, ජානක වක්කුඹුර, ඉම්තියාස් බාකීර් මාකාර්, රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න, ඉසුරු දොඩන්ගොඩ, සහන් ප්‍රදීප් විතාන සහ ඩී. වීරසිංහ යන මන්ත්‍රීවරුන් ඒ සඳහා පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32