පාර්ලිමේන්තුව තහනම් වූ සනත් නිශාන්තගෙන් කතානායකට හසුනක් (ලිපිය සහිතයි)

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්; මන්ත්‍රී සනත් නිශාන්ත කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය ඊයේ දිනයේ දී නිකුත් කර ඇත්තේ කතානායකවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ලිපිනයටයි.

නොවැම්බර් මස 21 වැනි දින මන්ත්‍රී සනත් නිශාන්ත වෙත පනවනු ලැබූ පාර්ලිමේන්තු තහනම පිළිබඳ ව මන්ත්‍රීවරයා මෙම ලිපිය මගින් කරුණු හෙළි කර තිබෙනවා.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 21 වැනි දින මන්ත්‍රී සනත් නිශාන්ත සිය හැසිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ එය සිදු නොවිය යුත්තක් බවයි.

නමුත් එවැනි තත්ත්වයකට පත්වීමට සිදු වූ හේතූන් ද මන්ත්‍රීවරයා විසින් මෙම ලිපිය නිකුත් කරනු ලැබීමත් සමග කතානායකවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රධාන කරුණු 03ක් සහ විස්තරාර්තමක කරුණු 03ක් යටතේ අදහස් දක්වමින් සනත් නිශාන්ත පවසන්නේ තමන්ගේ පිටට පමණක් මෙම වරද පනවා දඬුවම් කිරීම සිය වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි.

එබැවින් එම සිදුවීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙන් ම මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ද හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසටයි මන්ත්‍රී සනත් නිශාන්ත කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Screenshot 2023 11 23 100333
Screenshot 2023 11 23 100359
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?