පාර්ලිමේන්තුව තහනම් වූ සනත් නිශාන්තගෙන් කතානායකට හසුනක් (ලිපිය සහිතයි)

වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින්; මන්ත්‍රී සනත් නිශාන්ත කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපිය ඊයේ දිනයේ දී නිකුත් කර ඇත්තේ කතානායකවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ලිපිනයටයි.

නොවැම්බර් මස 21 වැනි දින මන්ත්‍රී සනත් නිශාන්ත වෙත පනවනු ලැබූ පාර්ලිමේන්තු තහනම පිළිබඳ ව මන්ත්‍රීවරයා මෙම ලිපිය මගින් කරුණු හෙළි කර තිබෙනවා.

1953 අංක 21 දරන පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනත හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම වරප්‍රසාද ප්‍රශ්නය මතු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 21 වැනි දින මන්ත්‍රී සනත් නිශාන්ත සිය හැසිරීම සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ එය සිදු නොවිය යුත්තක් බවයි.

නමුත් එවැනි තත්ත්වයකට පත්වීමට සිදු වූ හේතූන් ද මන්ත්‍රීවරයා විසින් මෙම ලිපිය නිකුත් කරනු ලැබීමත් සමග කතානායකවරයාගේ අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රධාන කරුණු 03ක් සහ විස්තරාර්තමක කරුණු 03ක් යටතේ අදහස් දක්වමින් සනත් නිශාන්ත පවසන්නේ තමන්ගේ පිටට පමණක් මෙම වරද පනවා දඬුවම් කිරීම සිය වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි.

එබැවින් එම සිදුවීමේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මෙන් ම මන්ත්‍රී නලින් බණ්ඩාරගේ ද හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසටයි මන්ත්‍රී සනත් නිශාන්ත කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

Screenshot 2023 11 23 100333
Screenshot 2023 11 23 100359
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව ආණ්ඩුව යට ගහනවා..පැහැදිලිවම වෙන ගිණුමකට දාලා l Mujibur Rahman
03:48
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15