AFC Banner
AFC Banner
Empty Ad

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා තිබූ ඩ්‍රෝන යානය කඩා වැටී ලක්ෂ ගණනක පාඩුවක්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් යොදවනු ලැබූ ඩ්‍රෝන යානය දියවන්නා ඔයට කඩා වැටීමෙන් එය විනාශ වී ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ඩ්‍රෝන යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වූවක් බවට තොරතුරු වාර්තා වන අතර, එය මේ වනවිට පාවිච්චියට ගත නොහැකි අන්දමට විනාශ වී ඇති බව සඳහන්.

පසු ගියදා පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබියදී මෙම යානය මෙලෙස කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

දියවන්නා ඔයට කඩා වැටුණු ඩ්‍රෝන යානය නාවික හමුදා කිමිඳුම් කණ්ඩායමක් විසින් පසුගියදා සොයා ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?