AFC Banner
Empty Ad
Empty Ad

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට එන අලුත්ම උපකරණය

පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති (Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ අංශයක් විසින් මෙම ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති නිෂ්පාදනය කරනු ලබන බව සඳහන් කරන වේත්‍රධාරිවරයා අඩු වියදමකින් එම උපකරණ පද්ධති සවි කිරීමට මේනිසා හැකිවන බවද සඳහන් කළේ.

ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙයට පෙරද සවි කරනු ලැබීය. ඒවා පාර්ලිමේන්තුවට පිරිනමනු ලැබුවේද යුද හමුදාව විසිනි.

සතුරු ඩ්‍රෝනා යානා කල්තියා හඳුනා ගෙන ඒවා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති මගින් සිදු කෙරේ.

මේ අතර පාර්ලිමේන්තුවට ඉහළ අහසේ සරුංගල් යැවීමද ආරක්ෂක හේතූ මත තහනම් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවට ඉහළින් සරුංගල් යැවූ කිහිප දෙනකුට ආරක්ෂක අංශ විසින් පසුගිය දිනවල අවවාද කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?