පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ පනත් කෙටුම්පතකට එරෙහිව තවත් පෙත්සමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් මහ නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා පනතට සංශෝධනයක් එක් කිරීමේ අරමුණින් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

එය ජූලි මස 05 වනදා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවද පෙත්සමින් සඳහන් වෙනවා.

එම පනත් කෙටුම්පත තුළින් විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන ආපසු කැඳවීමට විෂයභාර අමාත්‍යවරයාට බලය පවරා දී ඇති බවත් එසේ ආපසු කැඳවනු ලබන පළාත් පාලන ආයතනවල නිල කාලය නිර්ණය කිරීමේ බලයද විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බවයි.

පළාත් පාලන ආයතන සඳහා වසර හතරකට වරක් මැතිවරණ පැවැත්විය යුතු බවට නීතිය සඳහන් වුවද මේ ආකාරයෙන් එම ආයතන වල නිල කාලය දීර්ඝ කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පැවරීම තුලින් මහජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සම්කරු චෝදනා කර සිටිනවා.

එබැවින් අදාළ පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ද ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නායයැමක් වුණොත් වාහනවලට හානි නොවෙන්න හැදූ නාවලපිටිය - මහනුවර මාර්ගය
00:37
Video thumbnail
නායයැමක් වුණොත් ආයේ වාහනවලට හානි වෙන්නේ නෑ..නාවලපිටිය - මහනුවර මාර්ගයේ වැඩ කටයුතු අවසන් අදියරේ..
01:58
Video thumbnail
රෝහල්වල අය වැහි වතුර එකතු කරලා බීලා ජීවිතය රැක ගත්තේ..ඇයි රන්වල බැලුම් බෝලයේ පිම්බුවේ නැත්තේ?
03:13
Video thumbnail
ආණ්ඩුවේ එකෙක් ආව ගමන් පොලිසියට බැලුම පුම්බන්න අමතක වුණා..නීතිය හදන්න ආපු අය දැන් නීතිය අඹරනවා
07:11
Video thumbnail
කාටද එච්චර බලයක් තියෙන්නේ ?..අනීතිකව ආවොත් අත්අඩංගුවට ගන්න..මන්නාරමට ගිය ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්
05:39
Video thumbnail
යළි රට නගාසිටුවන්න ලාල්කාන්ත ජනතාවට දුන්න සුපිරි Motivation එක..අපිට නැගී සිටින එක ලොකු දෙයක් නෙවෙයි
07:03
Video thumbnail
අවතැන් වූ ජනතාවට ළඟටම ඇවිත් ම#ණ, උප්පැන්න සහතික ලබාදුන් හැටි..මගේ නෝනාගේ සිරුර තාම හොයාගන්න බැරිවුණා
04:45
Video thumbnail
සජිත්ව මිනිස්සු වටකරගෙන දුක කියයි.."අපි පාරට බැහැ ගන්නවත් බැරි තරම් අසරණවෙලා"
14:22
Video thumbnail
ලැබෙන ජාත්‍යන්තර ආධාර ආණ්ඩුව හොරකම් කරන්නේ නෑ..ආණ්ඩුව හැම රුපියලක්ම ජනතාවට දෙනවා
02:25
Video thumbnail
අනවශ්‍ය ඉදිකිරීම් නිසා ජනපතිට හොඳටම තරහා ගිහින්.."ජීප් කිහිපයක් යන්න විශාල පාලම් හදලා වැඩක් නෑ"
02:28


?