පාප් වහන්සේගේ 10 වැනි රැයත් සුබ බවට නිවේදනයක් – නමුත් තත්ත්වය තවම බරපතළයි

ශ්වසන අපහසුතා උත්සන්න වීම හේතුවෙන් මේ වනවිට (24) රෝමයේ ජෙමෙලි රෝහලේ ප්‍රතිකාර ලබන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත ව ප්‍රතිකාර ලබන 10 වැනි දිනය ද සාර්ථක ව අවසන් කෙරුණු බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.

vaticannews පුවත් සේවය විසින් මෙම කරුණ වාර්තා කර ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මුහුණුපොත හරහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බවට වන ව්‍යාජ පුවත් සංසරණය වීමෙන් පසුව වතිකානුවෙන් මෙම පුවත යාවත්කාලීන වී තිබීමත් විශේෂත්වයක්.

නියුමෝනියා රෝගී තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් 88 හැවිරිදි වියෙහි පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සතියේ යළි රෝහල්ගත කෙරුණා.

එමෙන්ම උන්වහන්සේ ඊයේ රාත්‍රියේ දී පෙරට වඩා සුවයෙන් නිදාගත් බවයි ශුද්ධාසනයේ මාධ්‍ය කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.

22 වැනි දින සිට මේ දක්වා පාප් වහන්සේට යළිත් කිසිදු ශ්වසන අපහසුතාවක් ඇති වී නොමැති වුව ද උන්වහන්සේගේ තත්ත්වය තවමත් පවතින්නේ බරපතළ මට්ටමේ බවට ද වතිකානුවේ ශුද්ධාසනයේ මාධ්‍ය කාර්‍යාලය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම පාප් වහන්සේගේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීම සඳහා රෝහල මගින් රුධිර පාරවිලයනය ද ලබා දුන්නා.

නමුත් උන්වහන්සේගේ රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වකුගඩු තවමත් යම්කිසි අයුරකින් අකර්මණ්‍ය වි ඇති බවත් එය පාලන මට්ටමකට ගැනීමට වෛද්‍යවරු සමත් වී ඇති බවයි.

නාස් මාර්ගයට අධි ප්‍රවාහ ඔක්සිජන් ලබා දී ඇති බව ද වතිකානු නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?