පාප් වහන්සේගේ 10 වැනි රැයත් සුබ බවට නිවේදනයක් – නමුත් තත්ත්වය තවම බරපතළයි

ශ්වසන අපහසුතා උත්සන්න වීම හේතුවෙන් මේ වනවිට (24) රෝමයේ ජෙමෙලි රෝහලේ ප්‍රතිකාර ලබන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල්ගත ව ප්‍රතිකාර ලබන 10 වැනි දිනය ද සාර්ථක ව අවසන් කෙරුණු බව වතිකානුව නිවේදනය කර තිබෙනවා.

vaticannews පුවත් සේවය විසින් මෙම කරුණ වාර්තා කර ඇති බවයි දක්නට ලැබෙන්නේ.

මුහුණුපොත හරහා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇති බවට වන ව්‍යාජ පුවත් සංසරණය වීමෙන් පසුව වතිකානුවෙන් මෙම පුවත යාවත්කාලීන වී තිබීමත් විශේෂත්වයක්.

නියුමෝනියා රෝගී තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් 88 හැවිරිදි වියෙහි පසුවන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සතියේ යළි රෝහල්ගත කෙරුණා.

එමෙන්ම උන්වහන්සේ ඊයේ රාත්‍රියේ දී පෙරට වඩා සුවයෙන් නිදාගත් බවයි ශුද්ධාසනයේ මාධ්‍ය කාර්‍යාලය නිවේදනය කර ඇත්තේ.

22 වැනි දින සිට මේ දක්වා පාප් වහන්සේට යළිත් කිසිදු ශ්වසන අපහසුතාවක් ඇති වී නොමැති වුව ද උන්වහන්සේගේ තත්ත්වය තවමත් පවතින්නේ බරපතළ මට්ටමේ බවට ද වතිකානුවේ ශුද්ධාසනයේ මාධ්‍ය කාර්‍යාලය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම පාප් වහන්සේගේ ශරීරයේ හිමොග්ලොබින් මට්ටම ඉහළ නැංවීම සඳහා රෝහල මගින් රුධිර පාරවිලයනය ද ලබා දුන්නා.

නමුත් උන්වහන්සේගේ රුධිර පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ වකුගඩු තවමත් යම්කිසි අයුරකින් අකර්මණ්‍ය වි ඇති බවත් එය පාලන මට්ටමකට ගැනීමට වෛද්‍යවරු සමත් වී ඇති බවයි.

නාස් මාර්ගයට අධි ප්‍රවාහ ඔක්සිජන් ලබා දී ඇති බව ද වතිකානු නිවේදනයේ සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16