පාන් රාත්තලක මිල රුපියල් 400ට -ගෑස් සිලින්ඩරයක මිල රුපියල් දහදාහට

ඉදිරි දිනවලදී පාන් රාත්තලක මිල රුපියල් හාරසිය දක්වා වැඩිවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කල බව මහා සංඝරත්නය සඳහන් කරනවා.

ඊයෙ(26) පස්වරුවේ  අරලියගහ මන්දිරයේ දී ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු හිමිවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙම අදහස පළ කළ බවයි පාහියංගල ආනන්ද හිමියන් මාධ්‍යවේදීන් හමුවේ පවසා සිටියේ.

ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් දහදාහක් දක්වා ඉහළ යා හැකි බවද මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දී තිබෙන බවද සඳහන්.

https://youtu.be/NuFjhkImkcs
https://youtu.be/hHIAqY7Ti7U


අපගේ නවතම වීඩියෝ පුවත්