logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

පාන්වලටත් බද්දක් වැදෙයි

මේ වසරේ අයවැයෙන් පාන් සඳහා16%ක බද්දක් ඇතුළත් කිරිමට කෙන්යාව යෝජනා කිරිමෙන් කෝපයට පත් කෙන්යානු ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දහස් ගණනාවක ජනතාව පෙන්වාවේ නයිරෝබි අගනුවරට රැස්ව රජයේ යෝජනාවට එරෙහි ව උද්ඝෝෂණයක නිරත වී ඇති අතර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ජනතා පලවා හැරීමට පියවර ගැන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි
වැඩිදුරටත් වාර්තා කළා.

කලහාකාරී ලෙස හැසිරුන පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට පත්වී ඇතැයි ද, පසුව උද්ඝෝෂණයට එක් වූ එරට නීතිඥවරුන් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා නයිරෝබි නුවර පොලිසිය වැටලූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරා.

වසර 2022 දී බලයට පත් වූ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ ඇමෙරිකානු ඩොලර් බිලියන 80 ඉක්මවා ඇති විදෙස් ණය බරීන් නිදහස් වීමට විවිධ නීති රෙගුලාසි සහ මතභේදයට තුඩු දුන් බදු රැසක් හඳුන්වා දී තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?