පානදුර – අලුබෝමුල්ලේ වෙඩි තැබීමක්

පානදුර, අලුබෝමුල්ල පොලිස් වසමේ සඳගලවත්ත ප්‍රදේශයේ අද (06) පෙරවරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

නාඳුනන පුද්ගලයෙක් විසින් වෙළෙඳසැලකට පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ කාන්තාවක් වෙළඳසැලේ සිට ඇති අතර, වෙඩි තැබීමෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.

පොලිසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාර පහක් පමණ වෙළඳසැලේ ශීතකරණයට වැදී ඇති බවයි.

මෙම වෙඩි තැබීම අද (06) දිනයේ වාර්තා වන තුන්වන වෙඩි තැබීම වන අතර, පංචිකාවත්ත ප්‍රදේශයේ සහ මීගමුව ප්‍රදේශයේ අද අලුයම වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වුණා.

ඊට අමතරව ඊයේ (05) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී ද වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වූ අතර, ඉන් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !