පාදුක්කේ කැළෑවක් තුළ මහා පරිමාණ සූදු පොළක්

පාදුක්ක – බෝපේ ප්‍රදේශයේ ලඳු කැළෑවක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක් වටලා පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් මෙම සූදු පොළ වටලා ඇති බවයි වාර්තා වුණේ.

එහි තිබී රුපියල් දොළොස් ලක්ෂ හැත්තෑදෙදහස් අටසීයයක මුදලක් පොලිස් භාරයට ගෙන ඇති අතර කලක සිට මෙම සූදු පොළ ලඳු කැළෑව තුළ පවත්වාගෙන ගොස් ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ලද තොරතුරක් අනුව දින දෙකක කාලයක් දිවා – රාත්‍රී සිදු කළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් බවට අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර නීතිමය කටයුතු පාදුක්ක පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?