මිලියන 45ක වේග මාපක යන්ත්‍ර සහ මිලියන 365ක පරිගණක පොලිසියට

රුපියල් මිලියන 556 ක මූල්‍ය වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා පොලිසියට පිරිනමා තිබෙනවා.

ඊයේ (18) දින පෙරවරුවේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල විසින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය වෙත සංකේතාත්මකව නිල වශයෙන් මෙම උපකරණ තොගය අමාත්‍යංශ පරිශ්‍රයේදී පිරිනමනු ලැබුවා.

ඒ අනුව රුපියල් මිලියන 365 ක් වටිනා පරිගණක යන්ත‍්‍ර 1718 ක්, රුපියල් මිලියන 129 ක් වටිනා ඡායා පිටපත් යන්ත්‍ර 575 ක්, රුපියල් මිලියන 45 ක් වටිනා වියදමින් වේග මාපක යන්ත්‍ර හා රුපියල් මිලියන 17 ක වටිනාකමකින් යුත් යූ.පී.එස්. (UPS) 1750 ක් ද පොලීසිය වෙත ප්‍රදානය කෙරුණා.

නීතිය හා මහජන ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කරන තාක්ෂණික හා භෞතික සම්පත් ලබාදීම මඟින් මහජනතාව වෙත කාර්යක්ෂම සේවාවක් ලබාදීමත්, පොලිස් නිලධාරීන්ගේ රාජකාරි කටයුතු පහසු කිරීම තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරීමෙන් අපේක්ෂා බවයි පොලිසිය මනිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙම උපකරණ තොගය මෑත ඉතිහාසයේ පොලිසිය වෙත වැඩිම මුදලක් වැය කර ලබා දුන් උපකරණ තොගය වන අතර මෙම අවස්ථාව සඳහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අමාත්‍යංශ සම්බන්ධීකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිතඅමරතුංග ඇතුළු උසස් නිලධාරින් පිරිසක් සහභාගී වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57