කළුතර මහාධිකරණයෙන් තිදෙනෙක් පෝරකයට

වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (13) මරණ දඬුවම නියම කළා.

කුඩා වස්කඩුව, ලිටිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර, සුගත් කුමාර නොහොත් රාළහාමි සහ සමිත සිසිර කුමාර නොහොත් බෙටා නැමැති පුද්ගලයන් තිදෙනා හට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කුඩා වස්කඩුව, ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී චමින්ද කුමාර නැමැත්තා 2008 වසරේ ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක රාත්‍රි වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසක දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනාට චෝදනා ගොනුකර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

පසුගිය නඩු වාරයේ දී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළා.

විත්තිය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන්ද , පොලිසිය වෙනුවෙන් සැරයන් මනෝජ් නිශාන් ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

  1. නිතිය තදින් ක්‍රියාත්මක උනානම් අද බොහෝ වැරැදි අඩුවෙලා.
    සුපිරියටම දීපු තීන්දුවක් .

    • මොනා උනත් බලය ඇති එකාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01