කළුතර මහාධිකරණයෙන් තිදෙනෙක් පෝරකයට

වස්කඩුව මනුෂ්‍ය ඝාතන නඩුවේ තිදෙනෙකුට කළුතර මහාධිකරණ විනිසුරුවරයා විසින් අද (13) මරණ දඬුවම නියම කළා.

කුඩා වස්කඩුව, ලිටිල්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි සුරේෂ් කුමාර, සුගත් කුමාර නොහොත් රාළහාමි සහ සමිත සිසිර කුමාර නොහොත් බෙටා නැමැති පුද්ගලයන් තිදෙනා හට මෙලෙස මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කුඩා වස්කඩුව, ලිටිල්ටන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී චමින්ද කුමාර නැමැත්තා 2008 වසරේ ඔක්තෝබර් මස 23 හෝ ඊට ආසන්න දිනක රාත්‍රි වස්කඩුව ප්‍රදේශයේ පැවති අවමඟුල් නිවසක දී පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනාට චෝදනා ගොනුකර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්ෂි විභාග කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.

පසුගිය නඩු වාරයේ දී පැමිණිල්ලේ සහ විත්තියේ දේශන ඉදිරිපත් කර තිබූ අතර, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද සිදුකරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර මහාධිකරණ විනිසුරුවරයා විසින් මහාධිකරණ ශාලාවේ දොර ජනෙල් වසාදමා විදුලි පහන් නිවා අධිකරණ ශාලාව තුළ රැදී සිටී සියලු දෙනා අසුන්වලින් නැගිටවීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළා.

විත්තිය වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක වන්නිආරච්චි පෙනී සිටි අතර, පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥවරුන්ද , පොලිසිය වෙනුවෙන් සැරයන් මනෝජ් නිශාන් ද අධිකරණය හමුවේ පෙනී සිටියා.

  1. නිතිය තදින් ක්‍රියාත්මක උනානම් අද බොහෝ වැරැදි අඩුවෙලා.
    සුපිරියටම දීපු තීන්දුවක් .

    • මොනා උනත් බලය ඇති එකාට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14