සවලෙන් පහර දුන් සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙක්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් පෙබරවාරි මස 20 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය අද (18) නියෝග කළා.

සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ පැමිණිලිකාර පුද්ගලයා උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා ඔහු රෝහල්ගතව ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් හය දෙනා එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණය වෙත ඉදිරිපත් කර කළා.

පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙක් මීට මාස කීපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බව වැලිකඩ පොලිසිය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පුද්ගලයා වැලිකඩ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

සැකකාරුවන් වෙනුවෙන් ඉමාෂා සේනාධිර හා අචිනි උමයංගනී නීතිඥවරියන් දෙපළ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57