රනිල්ගේ බිරිඳ මෛත්‍රීට FCIDයට එන්නැයි දැනුම්දීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 20 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බව, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අද (18) කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර හමුවේ ප්‍රකාශ කර සිටියා.

ඒ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලයේ දී පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ලන්ඩනය වෙත යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.

ලබන 20 වැනිදා (අනිද්දා) උදෑසන 9.00 ට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙසට කොල්ලුපිටිය පොලිසිය මගින් දැනුම් දී ඇති බවයි නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පවසා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11