AFC Banner
AFC Banner
Empty Ad

පාතාල කල්ලි සාමාජිකයාගේ සිරුර කාමරයකින් සොයාගෙන

පාතාල කල්ලි සාමාජිකයෙකු වූ එස්. දයානන්ද නොහොත් ‘කොටදයා’ නැමැත්තාගේ මළ සිරුර ඇරව්වල, රත්න මාවතේ දෙමහල් නිවසක ඇඳක් පාමුල තිබියදී සොයාගෙන තිබෙනවා.

මහරගම පොලිසිය විසින් අද (27) මෙම සිරුර සොයාගෙන ඇති අතර පොලිසිය සැක කරන්නේ ඔහු මීට දින කිහිපයකට පෙර මෙලෙස මිය යන්නට ඇති බවයි.

වයස අවුරුදු 55ක් වූ ‘කොටදයා’ අදාල දෙමහල් නිවසේ උඩු මහලේ කාමරයක් කුලියට ගෙන තනිව ජීවත් ව සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාල කාමරය තුළින් අධික දුගදක් හමන බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ පරික්ෂාවක දී මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?