AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථාන මහ මැතිවරණයෙන් සිරගතව සිටින ඉම්රාන්ගේ පක්ෂය පෙරමුණේ

මේ වනවිට සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය පාකිස්ථාන පාර්ලිමේන්තු මැතිවරණයේ මේ වනවිට බහුතර ආසන ගණනක් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.

අද (10) උදෑසනවන විට එරට පාර්ලිමේන්තුවේ ආසන 266න් 99ක් ම ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියාවන නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල්.එන් පක්ෂය ආසන 71 ක් දිනාගෙන තිබුණා.

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරයක් පිහිටුවීමට නම් එහි ආසන 133ක් දිනාගත යුතු වනවා.

මේ අතර හිටපු අගමැති නවාස් ෂරීෆ් තම පාකිස්ථාන මුස්ලිම් ලීගය (පී.එම්.එල්.එන්) ජයග්‍රහණය කිරීමේ ප්‍රකාශයෙන් පසුබසින අතර, දිවංගත අගමැති බෙනාසීර් භූතෝගේ පුත්, බිලාවල් භූතෝ සර්දාරිගේ ප්‍රධානත්වය දරණ පාකිස්ථාන මහජන පක්ෂය (පී.පී.පී) සමඟ සභාග රජයක් පිහිටුවීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

කෙමින් කෙමින් ලබන පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ වනවිට සිරගතව පසුවන ඉම්රාන් ඛාන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සිය ‘එක්ස්’ ගිණුම හරහා මෙම ප්‍රකාශය සිදුකර ඇති ඔහු පවසා ඇත්තේ, “මගේ සහෝදර පාකිස්ථානුවනි, දැන් අපිව නවත්වන්න කාටවත් බෑ. ඔබ ඉතිහාසගත වුණා. මම, ඔබ ගැන ආඩම්බර වෙනවා. ජාතිය එක්සත් කිරීම ගැන දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. නවාස් ෂරීෆ් සුළු මිනිසෙක්. කිසිඳු පාකිස්ථානුවෙකු ඔහුව පිළිගන්නේ නැහැ. වසර දෙකක පීඩනය සහ අසාධාරණකම් මැද අපි තුනෙන් දෙකක බලයකින් මැතිවරණය ජයග්‍රහණය කළා” යනුවෙන්.

මේ අතර පාකිස්ථානයේ මැතිවරණ කොමිසම PTI හි හුරුපුරුදු ක්‍රිකට් පිත්ත ලකුණ ඉවත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන්ගේ PTI අපේක්ෂකයින්ට ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
5
+1
1
+1
0
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?