පාකිස්ථාන මහ මැතිවරණයෙන් සිරගතව සිටින ඉම්රාන්ගේ පක්ෂය පෙරමුණේ

මේ වනවිට සිරගතව සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය පාකිස්ථාන පාර්ලිමේන්තු මැතිවරණයේ මේ වනවිට බහුතර ආසන ගණනක් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වනවා.

අද (10) උදෑසනවන විට එරට පාර්ලිමේන්තුවේ ආසන 266න් 99ක් ම ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියාවන නවාස් ෂරීෆ්ගේ පී.එම්.එල්.එන් පක්ෂය ආසන 71 ක් දිනාගෙන තිබුණා.

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරයක් පිහිටුවීමට නම් එහි ආසන 133ක් දිනාගත යුතු වනවා.

මේ අතර හිටපු අගමැති නවාස් ෂරීෆ් තම පාකිස්ථාන මුස්ලිම් ලීගය (පී.එම්.එල්.එන්) ජයග්‍රහණය කිරීමේ ප්‍රකාශයෙන් පසුබසින අතර, දිවංගත අගමැති බෙනාසීර් භූතෝගේ පුත්, බිලාවල් භූතෝ සර්දාරිගේ ප්‍රධානත්වය දරණ පාකිස්ථාන මහජන පක්ෂය (පී.පී.පී) සමඟ සභාග රජයක් පිහිටුවීමට උත්සාහ කරන බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

කෙමින් කෙමින් ලබන පාර්ලිමේන්තු මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් මේ වනවිට සිරගතව පසුවන ඉම්රාන් ඛාන් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

සිය ‘එක්ස්’ ගිණුම හරහා මෙම ප්‍රකාශය සිදුකර ඇති ඔහු පවසා ඇත්තේ, “මගේ සහෝදර පාකිස්ථානුවනි, දැන් අපිව නවත්වන්න කාටවත් බෑ. ඔබ ඉතිහාසගත වුණා. මම, ඔබ ගැන ආඩම්බර වෙනවා. ජාතිය එක්සත් කිරීම ගැන දෙවියන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. නවාස් ෂරීෆ් සුළු මිනිසෙක්. කිසිඳු පාකිස්ථානුවෙකු ඔහුව පිළිගන්නේ නැහැ. වසර දෙකක පීඩනය සහ අසාධාරණකම් මැද අපි තුනෙන් දෙකක බලයකින් මැතිවරණය ජයග්‍රහණය කළා” යනුවෙන්.

මේ අතර පාකිස්ථානයේ මැතිවරණ කොමිසම PTI හි හුරුපුරුදු ක්‍රිකට් පිත්ත ලකුණ ඉවත් කිරීමෙන් පසු, ඉම්රාන් ඛාන්ගේ PTI අපේක්ෂකයින්ට ස්වාධීන අපේක්ෂකයින් ලෙස මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56