පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් පසුගිය දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර හමු වුණා.

කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වත්මන් සහ අනාගත ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සඳහා සූදානම් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හී පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර, සාකච්ඡාවක් පැවැත් වුණා.

මෙහිදී පාකිස්තානයේ තාක්‍ෂණික සහාය සහ විශේෂඥ දැනුම හරහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රයත්නයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම මෙන්ම, ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් සමාජ අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට සහයෝගීව කටයුතු කිරීම වැනි මාතෘකා සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

එමෙන්ම දෙරට අතර දීර්ඝ කාලීන සහයෝගීතාවය සහ මිත්‍ර සබඳතා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පාකිස්ථාන මහ කොමසාරිස්වරයා වෙත සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා.

අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය සඳහා දෙරටේ කැපවීම මෙම හමුවේ දී පිළිබිඹු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59

?