පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් පසුගිය දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර හමු වුණා.

කොළඹ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව වත්මන් සහ අනාගත ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සඳහා සූදානම් කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්හී පුහුණු අවස්ථා වැඩි දියුණු කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව පාකිස්ථාන මහ කොමසාරිස්වරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා අතර, සාකච්ඡාවක් පැවැත් වුණා.

මෙහිදී පාකිස්තානයේ තාක්‍ෂණික සහාය සහ විශේෂඥ දැනුම හරහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් මත්ද්‍රව්‍ය විරෝධී ප්‍රයත්නයන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවන් වැඩිදියුණු කිරීමේ හැකියාව ගවේෂණය කිරීම මෙන්ම, ත්‍රස්තවාදයට එරෙහි විශේෂඥ දැනුම උපයෝගී කර ගනිමින් සමාජ අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට සහයෝගීව කටයුතු කිරීම වැනි මාතෘකා සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

එමෙන්ම දෙරට අතර දීර්ඝ කාලීන සහයෝගීතාවය සහ මිත්‍ර සබඳතා පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා පාකිස්ථාන මහ කොමසාරිස්වරයා වෙත සිය ප්‍රසාදය පළ කරනු ලැබුවා.

අඛණ්ඩ සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය සඳහා දෙරටේ කැපවීම මෙම හමුවේ දී පිළිබිඹු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06