පාකිස්ථාන ක්‍රීඩිකාවන්ගෙන් අභියෝග ගත ඉලක්කයක්

ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (26) පෙරවරුවේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ ආරාධනයෙන් පාකිස්ථාන කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

එහිදී පාකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් මුනීබා අලි ලකුණු ලකුණු 37ක් සහ ගුල් ෆෙරෝසා ලකුණු 25ක් රැස් කළා.

නායිකා නීඩා ඩාර් පන්දු 17ක් තුළ ලකුණු 23ක් රැස්කරමින් පාකිස්ථාන ඉනිම ශක්තිමත් කළා.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් අතින් උඩපන්දු කිහිපයක්ම ගිලිහී යන ආකාරය දැකගත හැකි වුණා.

පන්දු යැවීමේ දී කවිෂා දිල්හාරි කඩුලු 02ක් සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

ඒ, අනුව ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දු 120ක් තුළ ලකුණු 141ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
3
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44