පාකිස්ථානය සමඟ 20-20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

පාකිස්ථානය කණ්ඩායම සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත් වන අතර නායකත්වය දසුන් ශානක විසින් දරණු ලබනවා.

දෙරට අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය ලබන 07 වනදා ආරම්භ වනවා.

මෙම තරග දඹුල්ලේ දී සහ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැකසුම්කර ඇත්තේ.

තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය,

පැතුම් නිශ්ශංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (නායක), ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, ට්‍රවීන් මැතිව්, දුෂ්මන්ත චමීර, මතීෂ පතිරණ, නුවන් තුෂාර, ඒෂාන් මාලිංග

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
20
+1
0
+1
13
+1
1
+1
1
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?