පාකිස්ථානය පැරදූ එංගලන්තයට ලකුණු 93ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.

කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 337ක් ලබාගත්තා.

Ben Stokes ලකුණු 84ක්, Jonny Bairstow ලකුණු 50ක්, Joe Root ලකුණු 60ක් බැගින් රැස් කළා. Harry Brook ලකුණු 30යි. David Willey පන්දු 5කින් ලකුණු 15ක් රැස් කළා.

පන්දු යැවීමේදී Haris Rauf කඩුලු 3ක්, Mohammad Wasim සහ Shaheen Shah Afridi කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමි වූ ඉලක්කය ලකුණු 338ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථානයට පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 244ක් පමණයි. Agha Salman ලකුණු 51ක් රැස් කළා. නායක Babar Azam ලකුණු 38ක් ලබා ගත්තා. Mohammad Rizwan ලකුණු 36යි.

David Willey කඩුලු 3ක්, Adil Rashid, Gus Atkinson සහ Moeen Ali කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

පාකිස්ථානයට හෝ පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගවලට එක්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලබන 15 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා තිබෙනවා. දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි. එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ලබන 19 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27