AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථානය පැරදූ එංගලන්තයට ලකුණු 93ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු ක ජයක් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත්වුණා.

කොල්කටාහි ඊඩින් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 337ක් ලබාගත්තා.

Ben Stokes ලකුණු 84ක්, Jonny Bairstow ලකුණු 50ක්, Joe Root ලකුණු 60ක් බැගින් රැස් කළා. Harry Brook ලකුණු 30යි. David Willey පන්දු 5කින් ලකුණු 15ක් රැස් කළා.

පන්දු යැවීමේදී Haris Rauf කඩුලු 3ක්, Mohammad Wasim සහ Shaheen Shah Afridi කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීමට පාකිස්ථානයට හිමි වූ ඉලක්කය ලකුණු 338ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථානයට පන්දුවාර 43යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 244ක් පමණයි. Agha Salman ලකුණු 51ක් රැස් කළා. නායක Babar Azam ලකුණු 38ක් ලබා ගත්තා. Mohammad Rizwan ලකුණු 36යි.

David Willey කඩුලු 3ක්, Adil Rashid, Gus Atkinson සහ Moeen Ali කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

පාකිස්ථානයට හෝ පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්තයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගවලට එක්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ලබන 15 වනදා පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට ඉන්දියාව සහ නවසීලන්තය සුදුසුකම් ලබා තිබෙනවා. දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතරයි. එම තරග දෙකෙන් ජය ගන්නා කණ්ඩායම් දෙක ලබන 19 වනදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?