පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය තහනම් – ඉන්දියාවෙන් දැඩි තීරණයක්

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ අර්බුදය මධ්‍යයේ පාකිස්ථානයේ සියලුම ආනයන තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ අවශ්‍යතාවය මත මෙම තීරණය ගෙන ඇති බව රජය පවසයි.

“පාකිස්ථානයෙන් ආරම්භ වන හෝ අපනයනය කරන සියලුම භාණ්ඩ, නිදහසේ ආනයනය කළ හැකි හෝ වෙනත් ආකාරයකින් අවසර දී නොමැති වුවද, සෘජු හෝ වක්‍ර ආනයනය හෝ ප්‍රවාහනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරනු ලැබේ. ජාතික ආරක්ෂාව සහ රාජ්‍ය ප්‍රතිපත්තියේ අවශ්‍යතා සඳහා මෙම සීමාව පනවා ඇත. මෙම තහනමට ඕනෑම ව්‍යතිරේකයක් සඳහා ඉන්දීය රජයේ පූර්ව අනුමැතිය අවශ්‍යවේ.” යනුවෙන් ඉන්දීය වාණිජ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

පාකිස්ථානයෙන් ඉන්දියාවට ආනයනය කරන භාණ්ඩ අතර, ප්‍රධාන වශයෙන් ඖෂධ නිෂ්පාදන, පළතුරු සහ තෙල් බීජ ඇතුළත් වනවා.

මීට අමතරව පාකිස්ථාන ධජ සහිත නැව් ඉන්දීය මුහුදු සීමාවට ඇතුළුවීම ද තහනම් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර කිලෝමීටර 450ක දුරක ඇති ඉලක්කයකට ප්‍රහාරයක් එල්ල කළ හැකි බැලස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව පාකිස්ථානය පවසනවා.

අබ්දාලි අවි පද්ධතිය ලෙස හැඳින්වෙන මෙම මිසයිලය INDUS අභ්‍යාසයේ කොටසක් ලෙස අත්හදාබැලූ බවයි ඉස්ලාමාබාදය පැවසුවේ.

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සමඟ ඉහළ යන අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ පාකිස්ථානයේ මෙම මිසයිල අත්හදා බැලීම සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?